අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10ක් යළිත් විවෘත ගිණුම් ක්‍රමයට ආනයනයට අවසර

අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10ක් යළිත් විවෘත ගිණුම් ක්‍රමයට ආනයනයට අවසර
අත්‍යවශ්‍ය භාණ්ඩ විවෘත ගිණුම් ක්‍රමයට යළි ආනයනය කිරීමට අවසර ලබා දී තිබේ.
වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10ක් එම ක්‍රමය යටතේ ආනයනයට අවසර ලබා දුන් බවයි.
ඒ අනුව අල සහ ලූණු වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ විවෘත ගිණුම් ක්‍රමයට මෙරටට වැඩි වශයෙන් ගෙන එන බව, අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.
විවෘත ගිණුම් ක්‍රමය යනු භාණ්ඩ ගෙන්වා ගැනීමෙන් පසුව එම මුදල් සැපයුම්කරුට ගෙවීමයි. මීට පෙර විවෘත ගිණුම් ක්‍රමයට භාණ්ඩ ආනයනය කිරීම සිදු කළ නමුත් පසුගිය 06 වැනිදා සිට එම ක්‍රමය තාවකාලිකව අත්හිටුවනු ලැබුවේය.