දුර්ලභ ගණයේ “මන්කිපොක්ස්” රෝගය එංගලන්තයෙන් වාර්තා වේ

0
දුර්ලභ ගණයේ "මන්කිපොක්ස්" රෝගය එංගලන්තයෙන් වාර්තා වේ

දුර්ලභ ගණයේ "මන්කිපොක්ස්" රෝගය එංගලන්තයෙන් වාර්තා වේ

මන්කිපොක්ස් ලෙස සැලකෙන දුර්ලභ ගණයේ රෝගක් එංගලන්තයෙන් වාර්තා වී ඇති බව එංගලන්ත සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

මන්කිපොක්ස් රෝගය අප්‍රිකාවට සම්බන්ධ රෝගයක් බවටයි මේ වන විට හඳුනාගෙන ඇත්තේ. වඳුරන්ගෙන් බෝවන මෙම රෝගයට ප්‍රතිකාර ද නොමැති බවයි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ පවසන්නේ. මන්කිපොක්ස් රෝගය මිනිසුන් අතර පහසුවෙන් පැතර නොයන දුර්ලභ වයිරස් ආසාදනයක් වන අතර මිනිසුන්ට බෝ වුණහොත් එය සති කිහිපයක් ඇතුළත අඩුවන බවයි වාර්තා වන්නේ. නමුත් සමහර පිරිසට රෝගය වැළඳුනහොත් රෝගය වර්ධනය වී දරුණු විය හැකි බවටයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

රෝගය වැළඳුණු පුද්ගලයා පසුගියදා නයිජිරියවේ සංචාරයකට ගොස් පැමිණ ඇති බව සඳහන්. ඔහු මේ වන විට හුදකලා ගත කර ප්‍රතිකාර ලබාදීම සිදුකෙරෙන බවයි වාර්තා වන්නේ. මන්කිපොක්ස් රෝගයේ රෝග ලක්ෂණ ලෙස උණ, හිසේ කැක්කුම, ඇඟපත රිදීම වැනි රෝග ලක්ෂණ මතුවන බව සඳහන්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com