මැදවච්චියේ මාස 04ට වල් අලි මරණ 03ක්

මැදවච්චියේ මාස 04ට වල් අලි මරණ 03ක්
ගෙවී ගිය මාස 04ක කාලය තුළ මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයෙන් වල් අලි මරණ 03ක් වාර්ථා විය.
ඒ අනුව 03 වන වල් අලි මරණය පසුගිය (30) රාත්‍රියේ දී මැදවච්චිය ඇටවීරගොල්ලෑව පොලිස් වසමේ හිරල්ලුගම ගම්මානයේ සිදුව තිබුණි. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 30 ට සහ උස අඩි 09ට ආසන්න වල් අලියෙකි.
මැදවච්චිය හිරල්ලුගම ප්‍රදේශයේ නිහල් ගුණසෙකර ගොවි මහතාගේ නිවස පිටුපස ඇති කුඹුරු යයේ මෙම වල් අලියා මිය ගොස් තිබුණි. එම කුඹුරු යාය වල් අලින්ගේන් ආරක්ෂා කර ගැනීම සඳහා ඇද තිබුණු විදුලි අලි වැට ආසන්නයේ මෙම මරණය සිදු වීම විශේෂත්වයකි.
ඒ පිළිබඳ ඇටවිරගොලව පොලිසිය විසින් වැඩි දුර පරික්ෂණ සිදු කරයි.