පාරිභෝගික අධිකාරිය භාණ්ඩ අලෙවියේදී නිවැරදි දත්ත ඇතුළත් කිරීම අනිවාර්ය කරයි

සෘජු වෙළදාමේ නිරත පුද්ගලයන් සහ ආයතන පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි විය යුතුයි
භාණ්ඩ අලෙවියේදී නිවැරදි දත්ත ඇතුළත් කිරීම අනිවාර්ය කරමින් පාරිභෝගික අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
නිෂ්පාදකයින්, සැපයුම්කරුවන්, බෙදාහරින්නන්, ගබඩාකරුවන් හෝ වෙළෙඳුන් භාණ්ඩ බහාලුමක, ගුදමක, ව්‍යාපාරික ස්ථානයක තබාගෙන සිටින භාන්ඩවලට මෙය අදාළ වනවා. අදාළ භාණ්ඩ තමාට සැපයූ නිෂ්පාදකයෙකු සැපයුම්කරුවෙකු බෙදාහරින්නෙකු ගබඩාකරුවෙකු හෝ වෙළෙඳුන් ලිඛිත හෝ විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යයෙන් නිකුත් කරන කුවිතාන්සියේ නැතහොත් බිල්පත තම භාරයේ තබාගත යුතු වනවා.
ඊට අමතරව අදාළ භාණ්ඩ ලබාදිය හැකි වන්නේ අදාළ බිල්පතේ සැපයුම්කරුගේ විස්තර හා භාණ්ඩයේ විස්තර ඇත්නම් පමණයි. මෙම තොරතුරු ඇතුළත්ව නැති භාණ්ඩ ගබඩා කර තබා ගැනීම හෝ අලෙවි කිරීම නොකළ යුතු බවයි ගැසට් පත්‍රයේ සඳහන් වන්නේ.