සිමෙන්ති මිල ඉහළ දැමීමට විරෝධය දැක්වීමක් ලෙස මාස තුනකට සිමෙන්ති වැඩ නවත්වන්න – ජාතික ඉදිකිරීම් සංගමය

0
මූලික ඉදිකිරීම් අමුද්‍රව්‍යවල මිල ඉහළ යෑම නිසා ඉදිකිරීම් කටයුතුවලින් 60% අතරමඟ නැවතිලා

මූලික ඉදිකිරීම් අමුද්‍රව්‍යවල මිල ඉහළ යෑම නිසා ඉදිකිරීම් කටයුතුවලින් 60% අතරමඟ නැවතිලා

සිමෙන්ති ආනයනකරුවන් සිමෙන්ති මිල ඉහළ දැමීමට විරෝධය දැක්වීමක් ලෙස පෞද්ගලිකව ක්‍රියාත්මක කරන ඉදිකිරීම් මාස තුනකට තාවකාලිකව අත්හිටුව ලෙස ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අප්‍රේල් මස මුල වන රට තුළ ඉදිකිරීම් ව්‍යාපෘති 5000ක පමණ ක්‍රියාත්මකව තිබුණද මේ වන විට එම සියලුම ව්‍යාපෘති අත්හිටුවා ඇති බව කී සුසන්ත ලියනාරච්චි මහතා සිමෙන්ති ආනයනකරුවන් මාස කීපයක් තුළ සිමෙන්ති මිල සියයට 120කින් ඉහළ දමා ඇති බවද සඳහන් කළේය.

සිමෙන්ති මිල ඉහළ යෑමේ ගැටලුවට රජය සාධනීය පිළිතුරක් දෙනු ඇතැයි විශ්වාස කළද එවැනි පිළිතුරක් නොලැබුණු බවත් එය ප්‍රයෝජනයට ගනිමින් සිමෙන්ති ආනයනකරුවන් අඛණ්ඩව මිල ඉහළ දමමින් සිටින බවත් ලියනාරච්චි මහතා කීය.

රජය සහ ජනතාව ව්‍යාපෘති අත්හිටුව හොත් ආනයනකරුවන්ට සිමෙන්ති අළෙවිකිරීමට නොහැකිව මිල පහළ දැමීමට සිදුවන බව සුසන්ත ලියනාරච්චි මහතා වැඩි දුරටත් කීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com