බන්ධනාගාරගත රැඳවියන් සඳහා ආපනශාලාව වෙත තැන්පත් කරන මුදල සංශෝදනයට

2024 ගතවූ කාලය තුළ බන්ධනාගාර රැඳවියන් 50ක් මිය ගිහින්
බන්ධනාගාරගත රැඳවියන් සඳහා සනීපාරක්ෂක ද්‍රව්‍ය හා ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට ආපනශාලාවේ තැන්පත් කිරීම සඳහා ලබා දෙන ලද මුදල සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව එක් සැකකරුවෙකු සදහා සතියකට රුපියල් 3000/=ක මුදලක්ද, එක් සිරකරුවෙකු සඳහා මසකට රුපියල් 3000/= මුදලක් ආපනශාලාවේ තැන්පත් කර අවශ්‍ය ආහාරපාන හා සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් (පාලන, පුනරුත්ථාපන හා මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක සදහන් කරන්නේ.