පාස්කු ප්‍රහාරය 2019 ජනාධිපතිවරණයේදී එක් පුද්ගලයෙකුට ජනාධිපතිවෙන්න කළ කුමන්ත්‍රණයක් – කාදිනල් හිමි

0
මෙවර නත්තල විනෝදාස්වාදයෙන් සමරන්න එපා – කාදිනල් හිමිගෙන් ඉල්ලීමක්

මෙවර නත්තල විනෝදාස්වාදයෙන් සමරන්න එපා – කාදිනල් හිමිගෙන් ඉල්ලීමක්

2019 ජනාධිපතිවරණයේදී රටේ ආරක්ෂාව සහතික කරන බවට පොරොන්දු වූ අපේක්ෂකයෙකුගේ ජයග්‍රහණය සහතික කිරීම සදහා රට තුළ කැළඹිලි ඇති කිරීම පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන ජනාධිපති කොමිසමේ නිගමන බවට පත්ව ඇතැයි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් (21) අවධාරණය කළහ.

ජාතින් අතර මතභේද ඇතිකිරීමද එහි එක් සැළසුමක් උන්වහන්සේ කී උන්වහන්සේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ සියලු දෙනාටම වැඩි කාලයක් නොගොස් දඬුවම් ලැබෙන බව තමන්ට විශ්වාස යැයි කීහ. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවට වසර තුනක් සපිරෙන (21) දිනයේදී එදින පළමු බෝම්බ ප්‍රහාරය එල්ල වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙවි මැදුරේදී පැවති විශේෂ වැඩසටහන අමතමිනි.

කාදිනල්තුමා එහිදී මෙම ප්‍රහාරය පසුපස සිටිනවා යැයි කියන බුද්ධි අංශ නිලධාරීන් ගැන දැඩිව ප්‍රශ්න කළහ. මේ ප්‍රහාරය බුද්ධි සැලසුමක් විය හැකි ආකාරය පෙන්වා දුන්හ. ඊට පාලකයන්ද සහයෝගය ලබා දුන් බවත් පාස්කු ප්‍රහාරකයන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ නිලධාරීන් අත්අඩංගුවට පත් වූ බවත් කීහ. වනාතවිල්ලුවේදී සොයා ගත් පුපුරණ ද්‍රව්‍ය ගබඩාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තොරතුරු දැන සිටියද ඒ පිළිබද ආරක්ෂ මණ්ඩලයෙන් නොවිමසා සිට ඇති බව කාදිනල් හිමියෝ පෙන්වා දුන්හ.

ඒ සම්බන්ධයෙන් සහරාන් හෂීම් ඇතුලු කණ්ඩායම අත්අඩංගුවට ගන්නා ලෙස ඇතැම් නිලධාරින් හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කළද ඔහුගේ වගකීම් විරහිත හැසිරීම් රටාව මෙම ප්‍රහාර මාලාවට මූලික හේතුවක් වී ඇති බවද කාදිනල් හිමිපාණෝ සිහිපත් කළහ.

පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් මේවන තෙක් ගෙන යනු ලබන වැඩපිලිවෙල ප්‍රතික්ෂේප කර හෙළා දකින බවත් කාදිනල් රංජිත් හිමිපාණන් මෙහිදී කීහ.”පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු පුද්ගලයින්ට දිගු කාලයක් නොගොස් ඔවුන් සිදුකළ අපරාධයේ ප්‍රතිඵල අත්විදීමට සිදුවන බවට විශ්වාසයි” කාදිනල් හිමිපාණෝ අවධාරණය කළහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com