පාස්කු ප්‍රහාරය ඇතිකිරීමේ ප්‍රධාන වගකිව යුත්තා නිලන්ත ජයවර්ධන මහතා – ජනාධිපති නිතීඥ මොහාන් වීරකෝන්
පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව ‘කුමන්ත්‍රණයක්’ බවට හිටපු නිතිපති දප්පුල ලිවේරා මහතා කළ ප්‍රකාශය හේතුවෙන් හිටපු නිතිපතිවරයා මහජන කැළඹීමක් ඇතිකිරීමට ප්‍රධාන වගකිවයුත්තා බවත්, පාස්කු ප්‍රහාරය ඇතිකිරීමේ ප්‍රධාන වගකිව යුත්තා නිලන්ත ජයවර්ධන මහතා බවත් ජනාධිපති නිතීඥ මොහාන් වීරකෝන් මහතා (19) ප්‍රකාශ කළේය.
හිටපු නිතිපතිවරයා විශ්‍රාම යෑමට මාස දෙකකට පෙර මෙම ප්‍රකාශ කිරිම සම්බන්ධයෙන් පොලීසිය ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගත යුතුව ඇතැයි ද ජනාධිපති නිතීඥවරයා සදහන් කළේය. සිය සේවා දිගුව දීර්ඝ නොකිරීම හේතුවෙන් හිටපු නිතිපතිවරයා උරණවී එවැනි ප්‍රකාශයක් සිදුකිරීම නිතිපතිවරයකුට නොගැලපෙන ක්‍රියාවක් බවත්, සිය තනතුරේ වසර දෙකක් පමණ ගත කර විශ්‍රාම ගනිද්දි එවැන්නක් ප්‍රකාශ කිරීම නින්දිත ක්‍රියාවක් බවත් ජනාධිපති නිතීඥවරයා ප්‍රකාශ කළේය. ජනාධිපති නිතීඥවරයා මේ බව සදහන් කළේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ (19) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. මෙම මාධ්‍ය හමුව සදහා ජනාධිපති නිතීඥ මොහාන් වීරකෝන් මහතා සමඟ ජනාධිපති නිතීඥ යූ. ආර්. ද සිල්වා මහතාද සහභාගී වී සිටියේය.
පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් හිටපු බුද්ධි අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට මෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද එරෙහිව හිටපු නිතිපති දප්පුල ලිවේරා මහතා විසින් අධිචෝදනා ගොනු නොකළේ මන්දැයි ගැට`ථවක් බව ජනාධිපති නිතීඥ යූ. ආර්. සිල්වා මහතා මෙහිදී පැවසීය.
නොසැලකිලිමත්කම යනු සිවිල් වගකීමෙන් එහා ගිය එකක් බවට සාක්ෂි ඇත්නම් ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට රටේ නිතිපතිවරයා බැදී සිටින බවද ජනාධිපති නිතීඥවරයා සදහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති නිතීඥ මොහාන් වීරකෝන් මහතා මෙසේද ප්‍රකාශ කළේය.
“පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළ නඩු වාර්තාවේදී නිලන්ත ජයවර්ධන මහතා සාක්ෂි දෙමින් කියා සිටියා ඔහුට අප්‍රේල් 04 වැනිදා ඉන්දියාවේ බුද්ධි නිලධාරින්ගෙන් ලද තොරතුර තොරතුරක් මිස එය බුද්ධි තොරතුරක් නොවෙයි කියලා. ඔහු කියනවා රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂකට සහ පොලිස්පතිවරයාට අප්‍රේල් 07 වැනිදා මේ සම්බන්ධයෙන් ලියුම් යොමු කළා කියලා. ඔහු කියනවා මේක බුද්ධි තොරතුරක් බවට පත්වුණේ අප්‍රේල් මස 20 වැනිදා සවස 4.22ට ලු. ඔහු බැරිවෙලාවේවත් මේක කියලා ගැහැව්වේ නැත්නම් ඔහුට ගෙදර යන්න වෙනවා කියලා ඔහු කිව්වා. එක රාජ්‍ය නිලධාරියෙක්ගේ වරදක් නිසා අපේ රටේ ජීවිත 200 ගානක් නැති වුණා. 500කට වැඩිය මිනිස්සු තුවාල කාරයෝ වුණා. මේකට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තා නිලන්ත ජයවර්ධන. ඔහු තමන්ගේ රැකියාව බේරගන්න තමයි කටයුතු කරලා තියෙන්නේ.”