ඉන්දීය විදෙස් ඇමති 28දා ලංකාවේ සංචාරයකට!

ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ආරාධනයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර් මහතා මාර්තු 28-30 දා ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වීමට නියමිතය.
2022 මාර්තු 26-30 දක්වා මාලදිවයිනේ සහ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වෙයි. ඉන්දීය විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සිටින අතරතුර මාර්තු 29 වන දින කොළඹදී පැවැත්වෙන බිම්ස්ටෙක් අමාත්‍ය මණ්ඩල රැස්වීමට ද සහභාගී වනු ඇත.