සියලු දේශපාලන පක්ෂ එකතුව ජාතික රාමුවක් නිර්මාණය කළ යුතුයි – රනිල් වික්‍රමසිංහ

0
වසර දෙකක් තුළ නව නීති 75ක් - ජනාධිපති රනිල්

වසර දෙකක් තුළ නව නීති 75ක් - ජනාධිපති රනිල්

ජාතික ආණ්ඩුවක් රටට අවශ්‍ය නැති බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ජාතික ආණ්ඩුවක් බිහි කිරීමෙන් සිදුවන්නේ ඇමති ධුර බෙදා ගැනීමක් පමණක් බවත් හෙතෙම කියා සිටියි. ඒ නිසා සියලු දේශපාලන පක්ෂ එකතුව ජාතික රාමුවක් නිර්මාණය කළ යුතු බවත් ඒ හරහා ජනතා විශ්වාසය දිනාගෙන ආර්ථිකය ගොඩනැගීමක් කළ යුතු බවද හෙතෙම පැවසීය.

මුදල් අමාත්‍යවරයා සහ මහබැංකු අධිපතිවරයා අතර ගැටුමක් නිර්මාණය වී ඇති බවත් ඒ හේතුවෙන් ආර්ථිකය පිළිබඳ නිවැරැදි තීන්දු තීරණ ගැනීමට නොහැකි වී ඇති බවද ඔහු පවසයි.

ඉන්ධන ලබා ගැනීමට ඉන්දියාව සමඟ අත්සන් තැබීමට නියමිත ගිවිසුම ප්‍රමාදවීම නිසා වර්තමානයේ ලබාගත හැක්කේ ඉන්ධන නෞකා හතක් පමණක් බවද ඔහු තවදුරටත් පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ කිරුළපන ප්‍රදේශයේ පැවති පාක්ෂික හමුවක් අමතමිනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com