මාස 8ක් සදහා පෙට්‍රල් ආනයනය කිරීමේ කොන්ත්‍රාත්තුව එක්සත් අරාබි එමීර් රාජ්‍යට

මාස 8ක් සදහා පෙට්‍රල් ආනයනය කිරීමේ කොන්ත්‍රාත්තුව එක්සත් අරාබි එමීර් රාජ්‍යට
ඉදිරි මාස 8ක කාලයක් සදහා පෙට්‍රල් බැරල් මිලියන 1.8ක් ආනයනය කිරීමේ කොන්ත්‍රාත්තුව එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත ලබා දී තිබෙනවා.
අමාත්‍ය මණ්ඩලය පත්කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මතයි මෙම කොන්ත්‍රාත්තුව ලබා දී තිබෙන්නේ. පවතින ඉන්ධන හිගයට ඉදිරිදින කිහිපය තුළ විසදුම් ලැබෙන බව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ ඩී ආර් ඔල්ගා පවසනවා. පෙට්‍රල් නෞකාවක් මෙරටට පැමිණ ඇති අතර (02) රාත්‍රියේදී ඩීසල් නෞකා දෙකක් මෙරටට පැමිණීමට නියමිත බවයි ඒ මහත්මිය ප්‍රකාශ කළේ.