ඔස්ට්‍රේලියාවේ ඉහළම වැටුපක් ලබන ශ්‍රී ලාංකික කාන්තාව

0

ඕස්ට්‍රේලියාවේ විශාලතම ආයෝජන බැංකුව වන Macquarie Group හිප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරන ෂෙමාරා වික්‍රමනායක ඔස්ට්‍රේලියාවේ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිලධාරි බවට පත්ව සිටින්නීය.

ශ්‍රී ලාංකික සංක්‍රමණික පවුලක දියණියක් වන ෂෙමාරාගේ සතියක වැටුප ඇමෙරිකානු ඩොලර් 315000ක් වෙයි.
මේ පිළිබඳව තොරතුරු වාර්තා කරන ඩේලිමේල් පුවත් සේවය පවසන්නේ ෂෙමාරාගේ මව්පියන් ඔස්ට්‍රේලියාවට එන විට ඔවුන් සන්තකයේ තිබී ඇත්තේඩොලර් 200ක් පමණක් බවයි.

ෂෙමාරා වික්‍රමනායක 2021 දී ඩොලර් මිලියන 16.39 ක් උපයා ඇති බව Macquarie බැංකුව සිය නවතම වාර්තාවෙන් නිවේදනරය කර තිබේ.

2019 දී ඇය ඕස්ට්‍රේලියාවේ ඉහළම ආදායම් ලබන ප්‍රධාන විධායක නිලධාරියා බවට පත්වූ පළමු කාන්තාව විය.

ඇය 1970 ගණන්වල සිය පවුල සමඟ වයස අවුරුදු 14 දී ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇත.

ෂෙමාරා ඕස්ට්‍රේලියාවේ වැඩිම වැටුප් ලබන ප්‍රධාන විධායක නිලධාරියා ලෙස නිල වශයෙන් නම් කර ඇති අතර එම පදවිය ලබා ගත් පළමුකාන්තා විධායකවරිය ලෙස ඉතිහාසගත විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com