මිදුලේ තිබූ මෝටාර් උණ්ඩයක කොටසක් පිපිරී සිසුවා රෝහලේ

කොස්ගම සාලාව ප්‍රදේශයේ නිවසක මිදුලේ තිබු මෝටාර් උණ්ඩයක කොටසක් පුපුරායෑමෙන් 15 හැවිරිදි පාසල් සිසුවෙක් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි. මෙම උණ්ඩ තලමින් සිටියදී එය පුපුරා ගොස් ඇති බවද පොලිසිය කියයි.
2016 වසරේ සාලාව අවි ගබඩාව පිපිරීමෙන් තැන තැන විසිර තිබු මෝටර් උණ්ඩයක කොටසක් මෙලෙස පුපුරන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
සිද්ධියෙන් සිසු්වාගේ දෙකකුල්, බඩ ප්‍රදේශයට බරපතල තුවාල සිදුව ඇති අතර ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.