වවුනියාවේ පැවති ජංගම වැඩසටහනට විරෝධතා

වවුනියා දිස්ත්‍රික් ලේකම් කාර්‍යලයේ අධිකරණ අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ‘යුක්තිය සඳහා ප්‍රවේශය’ යන තේමාව යටතේ ජංගම සේවාවක් පැවතිණි.
මෙම තත්ත්වයේ අදාළ විමර්ශනවලදී තමන්ට විශ්වාසයක් නැතයි පවසමින් වවුනියාව දිස්ත්‍රික් අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ සංගමය විසින් අද පෙරවරුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීය.
මෙම විරෝධතාවයෙන් අනතුරුව මෙම වැඩ සටහන පැවති පරිශ්‍රයට අතුරුදන්වූවන්ගේ ඥාතීන් ඇතුළුවීමට උත්සාහ කිරීමේදී එහි ආරක්‍ෂක රාජකාරියේ නිරතව සිටි ආරක්ෂක අංශ ඔවුන්ට ඇතුළුවීමට ඉඩ නොදීම හේතුවෙන් අතුරුදන්වූවන්ගේ ඥාතීන් සහ ආරක්ෂක අංශ අතර ගැටුමක් ඇති විය.
කෙසේ වෙතත්, පැය කිහිපයකට පසු ඔවුන්ට ඇතුළට යාමට අවසර ලබා දුනි. මේ අවස්ථාවේ දී අතුරුදන්වූවන්ගේ ඥාතීන් සහ ඊට අදාළ විමර්ශන කටයුතු සඳහා පැමිණ සිටි නිලධාරීන් අතර අදහස් හුවමාරුවක් සිදුවිය.