මහ බැංකුවට සහකාර අධිපතිවරු සිව්දෙනෙක් පත්කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිවේදනයක්
ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා නව සහකාර අධිපතිවරුන් සිව්දෙනෙකු පත්කර තිබේ.
ඒ අනුව කේ.ජී.පී සිරිකුමාර, ඩී. කුමාරතුංග, යූ.එල් මුතුගල සහ සී.පී.එස් බණ්ඩාර යන මහත්ම මහත්මීන් මෙලෙස සහකාර අධිපති ධූරයන්ට පත් කරනු ලැබ ඇත.
පසුගිය 17වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම ධූරයන්ට උසස් කරනු ලැබ ඇත.
පසුගියදා පැවති මුදල් මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිව්දෙනා මෙලෙස සහකාර අධිපතිවරුන් ලෙස උසස් කිරීමට පියවර ගෙන ඇති බව මහ බැංකුව නිවේදනය කළේය.