ලක්ෂපානයේ අවසන් ජල විදුලි බලාගාරය වන බ්‍රෝඩ්ලන්ඩ්ස් උමං මාර්ගයට ජලය පිරවීම ඇරඹෙයි

ලක්ෂපාන සංකීර්ණයේ අවසන් ජල විදුලි බලාගාරය වන බ්‍රෝඩ්ලන්ඩ්ස් උමං මාර්ගයට ජලය පිරවීම ඇරඹෙයි
ලක්ෂපාන සංකීර්ණයේ අවසන් ජල විදුලි බලාගාරය වන බ්‍රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි ව්‍යාපෘතියේ ප්‍රධාන උමං මාර්ගයට ජලය පිරවීමේ සමාරම්භක අවස්ථාව සිදු (18) කෙරුනා.
ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවති මෙම උත්සවයට මැති ඇමතිවරු ඇතුළු පිරිසක් එක්ව සිටියා.
මස්කෙළිය ඔය හරස්කර පොල්පිටියේ ඉදිකර ඇති වේල්ලේ සිට කිතුල්ගල කලුකොහුතැන්නේ පිහිටි බලාගාරය දක්වා කිලෝමීටර් 3.5කින් යුතු මෙම ප්‍රධාන උමං මාර්ගය හරහා ජලය රැගෙන යෑමෙන් ජාතික විදුලිබල පද්ධතියට වාර්ෂිකව මුදාහැරෙන විදුලි නිෂ්පාදනය ගිගා වොට් පැය 126ක්.
බ්‍රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි ව්‍යාපෘතිය ලක්ෂපාන සංකීර්ණයේ අවසන් ජල විදුලි බලාගාරය වනවා. මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ ඇස්තමේන්තු ගත වියදම අමෙරිකානු ඩොලර් මිලියන 97ක් වන අතර චීනයේ කර්මාන්ත හා වාණිජ බැංකුවත් ශ්‍රී ලංකාවේ මහජන බැංකුව සහ හැටන් නැෂනල් බැංකුවත් ඊට මූල්‍ය පහසුකම් සපයා ඇති බව සඳහන්.