තෙල් ඇත්තේ දින 12-20ත් අතර කාලයකට; අවශ්‍ය වුවහොත් පිරිපහදු කළ ඉන්ධන ආනයනය කරනවා

ඉන්ධන මිල සංශෝධනයක් බලාපොරොත්තුවෙන් සෙඩ් 162ක් ඉන්ධන ඇණවුම් කරලා නෑ
ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සතුව දින 12ත් 20ත් අතර කාලයක් සඳහා ඩීසල් සහ පෙට්‍රල් තොග ඇති බවත් අවශ්‍ය වුවහොත් පිරිපහදු කළ ඉන්ධන ආනයනය කර බෙදාහරින බවත් ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මොහොමඩ් උවයිස් මොහොමඩ් මහතා පැවසීය.
බොරතෙල් මිලදී ගැනීමට ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ ටෙන්ඩර්වලට බොරතෙල් සැපයුමකරුවන් ඉදිරිපත් නොවීම සපුගස්කන්ද තෙල් පිරිපහදුව පිළිබඳව උද්ගත වී ඇති තත්වයට හේතුව බව කී උවයිස් මහතා ලෝක වෙළෙඳපලේ බොරතෙල් මිල වේගයෙන් ඉහළ යෑමෙන් නිර්මාණය වී ඇති අවිනිශ්චිතතාවය සහ ඛනිජ තෙල් සංස්ථාව මුහුණ දී සිටින මූල්‍ය අර්බුද මෙම තත්වයට බලපා ඇතැයි ද සඳහන් කළේය.
භුමිතෙල් හිඟයක් ඇතිවුවහොත් ආනයන කර ජනතාවට බෙදාහරින බවත් උවයිස් මහතා වැඩි දුරටත් පැවසීය.