ගුරු විදුහල්පති වර්ජනය ලබන ජනවාරි 22 දක්වා අත්හිටවයි; මැති ඇමැතිලාට මින්පසු ඉස්කෝලවල උත්සව නෑ

ගුරු විදුහල්පති වර්ජනය ලබන ජනවාරි 22 දක්වා අත්හිටවයි; මැති ඇමැතිලාට මින්පසු ඉස්කෝලවල උත්සව නෑ - මහින්ද ජයසිංහ
මින් ඉදිරියට දේශපාලඥයන් පැමිණෙන කිසිදු උත්සවයක් පාසල්වල නොපවත්වන බව ගුරු සංගම් ප්‍රධානී මහින්ද ජයසිංහ මහතා පැවසීය. ඒ මහතා පෙන්වා දුන්නේ එවැනි උත්සව පවත්වන්නේ නම් ඊට ගුරුවරු සම්බන්ධ නොවන බවත්, දරුවන් හෝ සම්බන්ධ නොකරන බවත්ය.
දැනට ක්‍රියාත්මක ගුරු විදුහල්පති වර්ජනය ලබන ජනවාරි 22 දක්වා අත්හිටවූ බව කී ඒ මහතා ආණ්ඩුව පොරොන්දු වූ පරිදි එදිනට වැඩි කළ වැටුප ලබා නොදෙන්නේ නම් නැවත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එක්වන බවද කියා සිටියේය.