කබ්රාල් කටාර් මහ බැංකු අධිපති හමුවෙයි
 
                ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා හා කටාර් මහ බැංකුවේ අධිපති ශෙයික් අබ්දුල්ලා බින් සෞද් අල් තානි මහතා අතර හමුවක් සිදුව තිබේ.
ඊයේ දිනයේදී මෙම හමුව කටාර් මහා බැංකුවේදී සිදුව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවියේ සඳහන් ය.
ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ කටාර් මහ බැංකුවේ සහයෝගීතාව මෙන්ම ආර්ථීකය කෙරෙහි කොවිඩ්-19 වසංගතයේ බලපෑම අවම කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳව එහිදී දෙරටේ මහ බැංකු අධිපතිවරුන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

 
                                            


