මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන්ට DUBAI EXPO2020හි රුපියල් මිලියන 700 ත්‍යාගයක්
එක්ස්පෝ 2020 ඩුබායි සංවිධායකයින් විසින් සංවිධානය කරන ලද නිර්මාණ තරඟයකින් මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන් ජයග්‍රහණය කළ බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (SLEDB) වෙබ් අඩවිය තහවුරු කර ඇත.
ජලය තේමාවක් කොට මණ්ඩපය නිර්මාණය කර ඇති අතර ඒ සඳහා වැයවූ මුදල රුපියල් මිලියන 600කි
එය ඩුබායි එක්ස්පෝ 2020 හි හොඳම මෝස්තරයක් ලෙස පිළිගැනීමට ලක් වූ අතර එමඟින් එක්ස්පෝ සංවිධායකයින් විසින් ශිෂ්‍යයින්ට රුපියල් මිලියන 700 ක් පිරිනමන ලදී. මෙමගින් මණ්ඩපය සැකසීම සඳහා වැයවූ මුදලට සහනයක් ලැබී ඇති බවට එම වෙබ් අඩවිය සඳහන් කරයි
Dubai EXPO2020හි පිහිටි මණ්ඩපය ශ්‍රී ලංකාව ශක්තිමත් හා විචිත්‍රවත් රටක් ලෙස ඉදිරිපත් කර ඇති අතර, ශ්‍රී ලංකාවට ගෞරවය ගෙන ඒම සඳහා සන්නාම තානාපතිවරුන් ලෙස ජනප්‍රිය ශ්‍රී ලාංකිකයින් පත් කර ඇත.
එනම් ලෝක ප්‍රකට ශ්‍රී ලංකාවේ උපන් සූපවේදියෙකු වන පීටර් කුරුවිට මහතා විසින් ශ්‍රී ලාංකික කුළුබඩු වල පොහොසත්කම සමඟ සමකාලීන ශ්‍රී ලාංකික ආහාරපාන ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන සූපවේදියෙකු වන අතර, ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් දෙපලක් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර මෙරට වෙළඳ නාම තානාපතිවරුන් ලෙස පත් කර තිබේ.