Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

NMRA දත්ත අතුරුදන් වීම ඖෂධ මාෆියාවේම කොටසක් බව නීතිපතිවරයාම පිළිගෙන

ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරින් ඉවතට

ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරින් ඉවතට

දත්ත වංචාව සහ ඖෂධ පිළිබඳ අක්‍රමිකතා සෙවීමට පත්කළ කමිටුව සම්පූර්ණයෙන්ම ඖෂධ මාෆියාවේ අතකොලුවක් වෙමින් තිබෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පෙන්වා දෙයි.

එම සංගමයේ සභාපති රවි කුමුදේශ් ​කොළඹ 17දා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත අතුරුදන් වීම ඖෂධ මාෆියාවේම කොටසක් බව නීතිපතිවරයාම පිළිගෙන ඇති බවයි. එවැනි වරදක් සිදු නොවූ බවට හඬ නගමින් සිටි රාජ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් ප්‍රධානීන් කලබලයට පත්ව කමිටු පත්කළ බව සභාපතිවරයා ප්‍රකාශ කරයි.

ඖෂධ මාෆියාව පිළිබඳ චෝදනා ලබමින් සිටින රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානීන් විසින්ම කමිටු පත්කළද එහි ස්වාධීනතාව පිළිබඳ ගැටලු පවතින බව ඔහු පෙන්වා දෙයි. රාජ්‍ය අමාත්‍යවරයාගේ බලය තවදුරටත් තහවුරු කර ගනිමින් කැබිනට් අමාත්‍යවරයා ඖෂධ නියාමන හා අනෙකුත් ඖෂධ පිළිබඳ කටයුතුවලින් ඉවත් කිරීමට පංච පුද්ගල කමිටුව විසින් නිර්දේශ ලබාදී ඇති බව රවි කුමුදේශ් අවධාරණය කර සිටියි. එහිදී දත්ත වංචාව සහ ඖෂධ පිළිබඳ අක්‍රමිකතා සෙවීමට පත්කළ කමිටුව වහාම අහෝසි කර ජනාධිපතිවරයා යටතේ විමර්ශන කමිටුවක් පත්කරන ලෙස සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය ඉල්ලා සිටියි.

Exit mobile version