ලිතුවේනියාවේ හොර කාබනික පොහොරවලට වැඩිපුර ඩොලර් 219.76ක් වැය කරලා

2022/23 මහ කන්නයේ වී වගාවට රසායනික පොහොර 70%ක් හා කාබනික පොහොර 30%ක් - කෘෂිකර්ම මහාචාර්යවරුන්
පසුගිය 13 වනදා වරායෙන් ගොඩබාන ලද කාබනික පොහොර යැයි හැඳින්වූ පොහොර තොගය ආනයනය කිරීමේදී මෙට්‍රික් ටොන් එකක් සඳහා ඩොලර් 478.50ක් වැය කර ඇති බව අනාවරණය වේ.
ලිතුවේනියාවේ සිට ගෙන්වන ලද මෙම පොහොර පොටෑසියම් ක්ලෝරයිඩ් අඩංගු කාබනික පොහොර යනුවෙන් නම්කර තිබිණි. නමුත් මේවා තනිකරම රසායනික පොහොර මිශ්‍රණයක් වන අතර එම පොහොර මෙට්‍රික් ටොන් එකක් ගෙන්වීමේදී පසුගිය පෙබරවාරි මාසයේ වැය වී ඇත්තේ ඩොලර් 258.74ක් බව හෙළිවී තිබේ.
මේ අනුව කාබනික පොහොර යනුවෙන් හඳුන්වා ආනයනය කර තිබෙන රසායනික පොහොර මෙට්‍රික් ටොන් එකක් වෙනුවෙන් පෙබරවාරි මාසයේදී ගෙවූ මිලට වඩා ඩොලර් 219.76ක් වැය කර තිබේ. මෙම මුදල රක්ෂණ ගාස්තු සහ නැව් ගාස්තු ඇතුළු අනිකුත් ගාස්තු ඇතුළත් නොවන අදාළ ද්‍රව්‍ය සඳහා වන ගාස්තුව පමණක්ය.
මේ අතර මෙට්‍රික් ටොන් තිස්දහසක් ගෙන්වන ලද බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් නිකුත් කළ නිල ලිපියක් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේගේ මුහුණු පොතේ පළකර තිබිණි. එහෙත් මාධ්‍ය මගින් හෙළි කරන්නේ මෙසේ ගෙනැවිත් ඇත්තේ අදාළ ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 17,892ක් පමණක් බවය.