රිෂාඩ් බදියුදීන්ට නඩු දෙකෙන්ම ඇප

ලංගම බස් රථ අවභාවිත නඩුවෙන් රිෂාඩ් බද්යුදීන් ඇතුළු 3 දෙනෙකු මුදා හරින්නැයි නියෝග
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍ර ජයසූරිය මහත්මිය (14) නියෝග කළාය.
ඒ සිය නිවසේ මෙහෙකාර සේවයේ නියුතුව සිටි ඉෂාලිනි දැරිය කෘරත්වයට පත් කිරීම හා වධ හිංසාවට ලක්කිරීමේ සිද්ධියෙන් සම්බන්ධයෙන් වන නඩුවට අදාළවයි. රිෂාඩ් බදියුදීන් එම නඩුවේ පස් වැනි සැකකරු ලෙස නම් කර සිටියේය. මන්ත්‍රීවරයාගේ විදේශ ගමන් තහනම් කිරීමට ද අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළේය.
මේ සම්බන්ධයෙන් වන විමර්ශන අවසන් බව පෙන්වා දෙමින් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ හංස අබේරත්න කරුණු දැක්වීමෙන් අනතුරුව විත්තිය කළ ඇප ඉල්ලීම සලකා බලා අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙම ඇප නියෝගය නිකුත් කළේය.
මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් දැඩි ඇප කොන්දේසි යටතේ මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා (14) නියෝග කළේය.
ඒ රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරිර ඇප දෙකක් යටතේයි. බදියුදීන් මන්ත්‍රීවරයාගේ විදේශ ගමන් තහනම් කිරීමටත් විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
එමෙන්ම සෑම සති දෙකකට වරක් ඉරු දින පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසටත් මහේස්ත්‍රාත්වරයා බදියුදීන්ට නියෝග කළේය.
මහේස්ත්‍රාත්වරයා මෙම ඇප නියෝගය නිකුත් කළේ විත්තිය කළ ඇප ඉල්ලීමට නීතිපති වෙනුවෙන් පෙනි සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකොන් විරෝධය නොදැක්වීම හේතුවෙනි.