නොවැම්බර් 4 වනදා සිට ශ්‍රී ලංකාව හා ස්විට්සර්ලන්තය අතර ඍජු ගුවන් ගමන් – බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා ගුවන් සේවය

ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය අතර ඍජු ගුවන් සේවය යළිත් ආරම්භ කිරීමට නියමිතය.
මෙම ගුවන් සේවය ස්වීට්සර්ලන්ත ජාත්‍යන්තර ගුවන් සමාගම විසින් නැවතත් ආරම්භ කිරීමට තීරණය කර ඇත.
එළඹෙන නොවැම්බර් මස 4 වන දින සිට මෙම සේවය නැවතත් ආරම්භ කිරීමට නියමිතය. කටුනායක ගුවන්තොටුපළේ සිට සතියේ බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල ස්විට්සර්ලන්තයේ Zurich නගරය වෙත ගුවන් සේවය ආරම්භ කිරීමට නියමිත බව සඳහන් වේ.