කිරි ගවයින් 4200ක් ආනයනයට පෞද්ගලික සමාගම් පහකට අවසර – මහින්දානන්ද අලුත්ගමගේ

කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට ඇමරිකාවේ IESC ආයතනයේ සහාය
මෙරට දියර කිරි නිෂ්පාදනය ඉහළ දැමීම සඳහා කිරි ගවයින් 4200ක් ආනයනය කිරීමට පෞද්ගලික සමාගම් පහකට අවසර ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
එම සමාගම් සඳහා කිරි ගව පට්ටි පවත්වාගෙන යෑමට ජනතා වතු සංවර්ධන මණ්ඩලයට සහ පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් මුඩු බිම් අක්කර 2771ක් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබුණ බවද කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.
මෙම ව්‍යාපෘතිය සඳහා රජයෙන් කිසිදු මුදලක් ආයෝජනය නොකරන බවද අදාල සමාගම් ව්‍යාපෘතියට රුපියල් මිලියන 8275ක් ආයෝජනය කරන බවද අමාත්‍යවරයා කීය.