Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකා රජය සම්බන්ධයෙන් ඇමෙරිකාවෙන් හදිසි වෙනසක්

ශ්‍රී ලංකා රජය සම්බන්ධයෙන් ඇමෙරිකාවෙන් හදිසි වෙනසක්

ශ්‍රී ලංකා රජය සම්බන්ධයෙන් ඇමෙරිකාවෙන් හදිසි වෙනසක්

ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරීත්වය, ඉහළ නැංවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ඇමෙරිකාව, ශ්‍රී ලංකා රජයට නැවත වරක් ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි එලේනා පී. ඩෙබ්ලිට්ස් මහත්මිය මෙම ප්‍රකාශය සිදු කර ඇත.

කොළඹ දී මාධ්‍ය වෙත නිකුත් කරන ලද නිවේදනයක දී ඇය තව දුරටත් කියා සිටියේ, ශක්තිමත් ආර්ථික පදනමක් ඇති කිරිමේ ක්‍රියාවලියක, ශ්‍රී ලංකා රජය නිරත විය යුතු ලෙසය.

ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා සමඟ මෑතක දී හමු වී කළ සාකච්ඡාව පිළිබඳ කරුණු දැක්වූ ඇය, ආයෝජකයින් මුහුණ දෙන ඇතැම් අභියෝග, දුෂ්කරතා සහ විවෘත විනිවිද පෙනෙන වාතාවරණයක අවශ්‍යතාවය පිළිබඳව ද, ආයෝජනකයින්ට ඇති අවදානම පිළිබඳව ද ඔවුන් සාකච්ඡා කළ බව ඇය සඳහන් කළාය.

ශ්‍රී ලංකාව ප්‍රබල අපයෝජකයින් ආකර්ෂණය කරන බවද ඇය ප්‍රකාශ කළාය. එමෙන්ම, ශ්‍රී ලංකාවේ ආර්ථිකය, මේ වන විට හොඳ තත්ත්වයක නැත. මෙම තත්ත්වය මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම ගැටළුවට විසඳුම බව තමන් විශ්වාස කරන බව ඇමෙරිකානු තානාපති එලේනා පී. ඩෙබ්ලිට්ස් මහත්මිය පවසා ඇත.

Exit mobile version