මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් පිහිටු වීමට නියමිත නව සන්ධානයක්?

සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇතිකරන බවක් පෙනෙන්නට නෑ - මෛත්‍රීපාල සිරිසේන
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හවුල් ආණ්ඩුවෙන් ඉවත් වී, ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලට අළුත් දේශපාලන සන්ධානයක් ලෙස තරඟ කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බවට තොරතුරු හෙළි වී ඇත.
පක්ෂයේ මධ්‍යම කාරක සභාව මෑතක දී රැස් වූ අවස්ථාවක මෙම තීරණය ගනු ලැබූ බව පුවත් පතක් මෙම ප්‍රවෘත්තිය පළ කර ඇත.
මහජන පෙරමුණ නැතහොත් එක්සත් පෙරමුණ යන නාමයෙන් සන්ධානය පිහිටු වීමට ඉඩ ඇති බවද එම පුවත්වල වැඩිදුර සඳහන් කර තිබිණි.