සඟවා තිබූ සීනි ටොන් 5000 අල්ලයි – පාරිභෝගික අධිකාරිය

0

සීනි හිඟයක් නිර්මාණය කිරීමේ අරමුණින් වත්තල, මාබෝල ප්‍රදේශයේ ගබඩාවක සඟවා තිබූ සීනි ටොන් 5000 කට ආසන්න තොගයක් පාරිභෝගික කටයුතු අධිකාරිය බාරයට ගෙන තිබේ.

පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියකු පැවුසවේ ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම සීනි ගබඩාව පරීක්‍ෂා කළ බවත් මෙවැනි ගබඩා පිළිබඳව තොරතුරු ඇත්නම් පාරිභෝගික අධිකාරිය දැනුවත් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත්ය.

බස්නාහිර පළාත තුළ කිසියම් පුද්ගලයකු සතුව සීනි ගබඩාවක් තිබේ නම් ඒ පිළිබඳව පාරිභෝගික අධිකාරිය දැනුවත් කරන ලෙස ගබඩා හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටින බවත් එම උසස් නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com