පරිභෝජනයට සුදුසු නැති සීනි කිලෝ 50 මිටි 200ක් පිටකොටුවෙන් අල්ලයි
 
                පරිභෝජනයට සුදුසු නැති සීනි කිලෝ 50 මිටි 200ක් පිටකොටුවෙන් අල්ලයි
පරිභෝජනයට නුසුදුසු සුදු සීනි කිලෝ 50 මිටි 200 ප්‍රවාහනය කිරීමට සුදානම් කර තිබියදී ලොරි රථයේ රියැදුරු හා සහායක ද සමග පිටකොටුව යොවුන් වීදිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය කියයි.
පිටකොටුව පොලිසිය හා පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කරන ලදි.
පරිභෝජනයට නුසුදුසු මෙම සීනි තොගයක් කල්මුණේ ප්‍රදේශයට ප්‍රවාහනය කිරීමට සූදානම් කර ඇති බවට බස්නාහිර පලාත් බුද්ධි අංශයේ නිලධාරීන්ගේ තොරතුර කට අනුව අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. අත්අඩංගුවට පත් රියදුරු, සහායකයා එරාවුර් ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
කල් ඉකුත්වූ සීනි තොගය සහිත ලොරිය සමග ලොරි රථයේ රියදුරු හා රිය සහයක අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ පිහිටි පාරිභෝගික අධිකාරිය වෙත රැගෙන යන ලදී.

 
                                            




