ශ්‍රී ලංකාවේ සයිනොෆාම් එන්නත්කරණ ක්‍රමවේදය වැරදි – මහාචාර්ය ජීවන්දර අනතුරු අඟවයි

0

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ආසාදනය වීම වැළැක්වීම සඳහා සයිනොෆාම් එන්නත ලබා දීමේ ක්‍රමය වැරදි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කර ඇත.

සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී සති 3 කින් පසු දෙවන මාත්‍රාව ලබා දිය යුතු බව ඔහු සඳහන් කර ඇත. කෙසේ වෙතත්, සති 4 කට පසු දෙවන මාත්‍රාව ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් ක්‍රියාමාර්ගය විශාල ගැටළුවක් බව ඔහු පැවසීය.

සති 3 කින් පසු දෙවන එන්නත ලබා දුනහොත් හතර වන සතිය වන විට කොවිඩ් වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණය වැඩි වේ. එමෙන්ම සතියක් ප්‍රමාද වී ලබා දීමෙන් ප්‍රතිශක්තීකරණය ද පමා වේ.

මෙය ජනතාවට කරන අසාධාරණයක් බව ඔහු පෙන්වා දී ඇත. සයිනොෆාම් එන්නත ලබා දීමේ දී දෙවන මාත්‍රාව සති 3කින් ලබා දෙන ලෙස තමා පසුගිය මැයි මස ආරම්භයේ සිට ප්‍රකාශ කළ ද සෞඛ්‍ය අමාත්‍යාංශය එය පිළි නොගත් බව ඔහු සඳහන් කළේය.

ඩෙල්ටා වෛරසය ශීඝ්‍රයෙන් රට තුළ ව්‍යාප්ත වන මොහොතක, ශ්‍රී ලංකාවට විශාල වශයෙන් කොවිඩ් මර්දන එන්නත් ලැබෙන විටත් ජනතාවට එය වහාම ලබා නොදී සිටීම ප්‍රශ්න සහගත කරුණක් බව ද ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com