කොවිඩ් ආසාදිත අවු 2 සහ 14 අතර දරුවන් නිවෙස්වල රඳවා ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදයක්

0
කොවිඩ් ආසාදිත අවු 2 සහ 14 අතර දරුවන් නිවෙස්වල රඳවා ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදයක්

කොවිඩ් ආසාදිත අවු 2 සහ 14 අතර දරුවන් නිවෙස්වල රඳවා ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදයක්

කොවිඩ් ආසාදනයවීමෙන් සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන වයස අවුරුදු 2 සහ 14 අතර දරුවන් නිවෙස්වල රඳවා ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදයක් (11) සිට ආරම්භ කළ බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය.

මෙම තීරණය ගෙන ඇත්තේ කොවිඩ් ආසාදිත දරුවන් ශීඝ්‍ර ලෙස වැඩිවීම සැලකිල්ලට ගෙන යැයිද හෙතෙම සඳහන් කළේය.

එසේම ළමා රෝහලේ කොවිඩ් ප්‍රතිකාර කටයුතු සඳහා ප්‍රමුඛත්වය ලබා දීමටද තීරණය කළ බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා කොවිඩ් ආශ්‍රිතව සංකූලතා මතු වන්නේ නම් දරුවන් රෝහල් කරා ගෙන ආ යුතු බවද සඳහන් කළේය.

නිවසේ සිට ප්‍රතිකාර කිරීමේදී දරුවා රැකබලා ගැනීමට යම් වැඩිහිටියෙකු නිරන්තරයෙන්ම ළඟ සිටිය යුතු බවත් දුරකතන මාර්ගයෙන් ප්‍රතිකාර නියම කිරීම් සිදුවන හෙයින් ඊට අදාල පහසුකම් ලබාදීමට භාරකරුවන් සූදානමින් සිටිය යුතු බවත් දීපාල් පෙරේරා මහතා පැවසුවේය.

මේ අතර කොවිඩ් ආසාදිතවූ දරුවන්ට නිවසේ සිට ප්‍රතිකාර කිරීම පිළිබඳ විමසීම සඳහා 1390 යන ක්ෂණික දුරකතන අංකය හඳුන්වා දී ඇතැයි පවසන විශේෂඥ වෛද්‍යවරයා නිදන්ගත රෝග හෝ වෙනත් දීර්ඝකාලීන රෝගයන්ගෙන් පෙළෙන දරුවන් අනිවාර්යෙන්ම රෝහල්වලට යොමු කළ යුතු බවද සඳහන් කළේය.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට කොවිඩ් ආසාදිත දරුවෝ එකසිය පනස් දෙනක් පසුගිය සතිය වනවිට ඇතුළත් කරනු ලැබ සිටියහ .

ආසාදිත දරුවන් වරින් වර අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යැවීම නිසා එම සංඛ්‍යාව මේ වනවිට තරමක් අඩුවී ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com