මෙවර ඔලිම්පික් උළෙලේදී 14 හැවිරිදි චීන ක්‍රීඩිකාවකගෙන් ලෝක වාර්තාවක්
 
                මෙවර ඔලිම්පික් උළෙලේදී මීටර් 10 කිමිදුම් තරග ඉසව්වේ නව ලෝක වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම හිමි කර ගැනීමට චීනයේ 14 හැවිරිදි ක්‍රීඩිකාවක් සමත් විය.
ක්වොන් හොංචන් නමැති එම ක්‍රීඩිකාව රන් පදක්කම දිනා ගත්තේ, 15 හැවිරිදි චීන ක්‍රීඩිකාවක වූ චෙන් යුෂී දෙවන ස්ථානයට පත් කරමිනි.
චෙන් යුෂි අදාළ ඉසව්වේ ලෝක ශූරිය ලෙස තරගයට පිවිසුණ ද, ක්වොන් හොංචන් දෙවන වටයේදී විශේෂ දක්ෂතා දක්වමින් සමස්ත ලකුණු සංඛ්‍යාව 466.2ක් ලෙස ඉහළ නංවා ගත්තාය.
රිදී පදක්කම දිනූ චෙන් යූෂී ලකුණු 425.4ක් ලබා ගත් අතර ලෝකඩ පදක්කම දිනා ගත් ඔස්ට්‍රේලියාවේ මෙලිස්සා වූ ලකුණු 371.4ක් ලබා ගත්තාය.
ක්වොන් දිනා ගත් රන් පදක්කමත් සමග කාන්තා කිමිදුම් ඉසව් සියල්ලගේ ම රන් පදක්කම් චීනය සතු විය.

 
                                             
                                             
                                             
                                         
                                         
                                         
                                        