ලිංගික අපයෝජන ක්‍රියා සනාථ වු නිව්යෝක් ආණ්ඩුකාරයාට වහාම ඉල්ලා අස්වෙන්නැයි බයිඩන් කියයි
ඇමරිකාවේ දේශපාලනයට මිත්‍ර සංග්‍රහ අදාළ නැත.ඇමරිකාවේ නිව්යෝක් ජනපද ආණ්ඩුකාර ඇන්ඩෘෘ කුවමෝ ට වහාම ඉල්ලා අස්වන ලෙසට ජනපති ජෝ බයිඩන් ඇතුළු ප්‍රබල දේශපාලකයන් රැසක් පවසා තිබේ.
ඒ, ඔහු විසින් කාන්තාවන් 11 දෙනෙකු ලිංගික අපහරණයට ලක් කළ බව සනාථ වන වාර්තාවක් නිව්යෝක් ජනපද නීතිපති දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමග ය.
එසේ නොවන්නේ නම් ඔහුට එරෙහිව විශ්වාස භංගයක් ද ඉදිරියේදී ගෙන ඒමට සූදානමක් පවතියි. මෙය වහාම සිදුකිරීමට නියමිත බව නිව්යෝක් ප්‍රාන්ත සභාවේ කථානායකවරයා ද පවසා ඇත.
ඇන්ඩෘ කුවමෝ ජෝ බයිඩන්ගේ සහ ඩිමොක්‍රටික් පක්ෂයේ දීර්ඝකාලීන ආධාරකරුවෙකි.
නමුත් ස්ත්‍රීන්ට එරෙහිව අපරාධ පිළිබඳ චෝදනා එල්ල වන විට ලංකාවේ දේශපාලකයන් මෙන් ඔවුන් ‘තරු‘ බවට පත්වන්නේ හෝ එයින් ඔවුන්ගේ බලය තහවුරු වීමක් සිදුවන්නේ නැත. ඒ වෙනුවට එවැනි සිදුවීම් මගින් ඔවුන්ගේ දේශපාලන ජීවිතවල අවසානය වේගවත් වේ.