සංචාරක කර්මාන්තය බිඳවැටීම නිසා හෝටල් සේවකයන් ලක්ෂ එකහමාරකට යන එනමන් නැහැ

සංචාරක කර්මාන්තය බිඳවැටීම නිසා හෝටල් සේවකයන් ලක්ෂ 11/2කට යන එනමන් නැහැ – නීතිඥ ජානක අධිකාරී
කොවිඩ් – 19 වයිරසය පැතිරයාම හේතුවෙන් සංචාරක කර්මාන්තය බිඳවැටීම නිසා හෝටල් සේවකයන් 150,000ක පමණ පිරිසක් දැඩි පීඩනයකට පත්ව සිටින බව අන්තර් සමාගම් සේවක සංගමයේ හෝටල් සේවක මධ්‍යස්ථානයේ සභාපති නීතිඥ ජානක අධිකාරී පවසයි.
වසර දෙකක පමණ කාලයක සිට සංචාරක කර්මාන්තය බිඳ වැටීගෙන යන හෙයින් හෝටල් සේවකයන්ට නිසිපරිදි වැටුප් හිමි නොවන බවද ඔහු පෙන්වා දෙයි.
ඇතැම් හෝටල් සේවකයන්ට ලැබෙනුයේ මූලික වැටුප පමණක් වන අතර තවත් පිරිසකට වැටුපෙන් අඩක් පමණක් ලැබෙන බවද හෝටල් සේවක මධ්‍යස්ථානයේ සභාපති නීතිඥ ජානක අධිකාරී පවසයි.