විදුහල්පතිවරු සහ ගුරුවරු ඉල්ලා අස්වන බව දන්වයි – ලංකා ගුරු සංගමයේ සභාපති

ස්ථාන මාරුවීම් ලබා නව රාජකාරිවලට වාර්තා නොකළ ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවීමට පොරොන්දු වුනා - ලංකා ගුරු සංගමය
අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරික්ෂණවලින් සියළුම විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ඉවත් වන බව දැන්වූ ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු, කොරෝනා වසංගතය මධ්‍යයේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට තීන්දු කර ඇති විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැනුමක් නැද්ද? යැයි ද ප්‍රශ්න කළේය.
කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් තවදුරටත් අදහස් දැක්වූ ඔහු, අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණයන් ආරම්භ කිරීමට නියමිත බවත්, මෙම පරීක්ෂණවලින් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් ඉවත් වන බවත් පැවසීය.
ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම මගින් විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට සහ සිසුන්ට කොරෝනා වෛරසය ආසාදනය වීමට ඇති සම්භාවිතාව අධික විය හැකි බව පෙනී යයි. රටේ තත්ත්වය සැලකිල්ලට නොගෙන මෙවැනි තීරණ ගෙන ඇති විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නුවණක් නැද්දැයි ඔහු ප්‍රශ්න කළේය.
රජය අපගේ ඉල්ලීම් ඉක්මවා ප්‍රායෝගික පරීක්ෂණ පැවැත් වුවහොත්, විදුහල්පතිවරුන් හා ගුරුවරුන් කිසිවෙකුත් ඊට සහභාගී නොවන බවට ද ඔහු මෙහිදී අනතුරු ඇඟවීය.