පකිස්තානු මහ කොමසාරිස් ඝාතනය කිරීමට තැත් කළ ආධිත්‍යන්ගේ නඩුව විභාග කිරීම සඳහා දින නියම වේ

අ. ඩො කෝටි 10ක පිරමිඩාකාර මූල්‍ය වංචාවක් සිදු කළෙයි කියන අධ්‍යක්ෂවරුන් සහ සමාගම සතු ගිණුම් 57ක් අත්හිටුවයි
ද්‍රවිඩ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. කනකරත්නම්ගේ පුතු වන කනකරත්නම් ආධිත්‍යන්ට එරෙහිව පාකිස්තාන් උසස් නිළධාරීන් ඝාතන තැත පිළිබඳ ත්‍රස්තවාදී මර්දන පනත අනුව ගොනු කර ඇති නඩුවේ සාක්ෂි විභාග කිරීම සඳහා දින නියම කර තිබේ.
ජූලි 19, 22, 26, 27 සහ 28 දිනයන්හි එක දිගටම දින 5ක් නඩු විභාගය සඳහා කොළඹ මහාධිකරණය තීන්දු කර තිබේ. ඒ අනුව රජයේ සාක්ෂිකරුවන්ට එම දිනවලට කැඳවීම සඳහා මහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉසදීන් මහතා නොතීසි නිකුත් කළේය.
ජනාධිපති නීතිඥ කේ.වී. තවරාසා මහතා කළ කරුණු දැක්වීමේ දී කළ ඉල්ලීම අනුව මහාධිකරණ විනිසුරු මෙම නියෝගය කළේය.
ශ්‍රී ලංකාවේ පකිස්තානු මහ කොමසාරිස් ලෙස සේවය කළ බසීර් වලීද් මොහොමඩ් මහතාව ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කළ බවට සැක පිට කනකරත්නම් ආධිත්‍යන්ට එරෙහිව නඩුව ගොනු කර ඇත. එම නඩුව 19 වන දා සිට දින 5ක් විභාග කිරීම සඳහා තීන්දු කර තිබේ.
පසුගිය 2006 වර්ෂයේ අගෝස්තු 16 වන දින පකිස්තානු මහ කොමසාරිස බසීර් වලීද් මොහොමඩ් ඉලක්ක කර ප්‍රහාරය සිදු කළ බවටද , එහිදී ආරක්ෂක අංශයට අනියුක්ත කර සිටි යුධ හමුදා ප්‍රධානීන් 7 දෙනෙකුට මරණය සිදු කර සිවිල් වැසියන් 10 දෙනෙකුට බරපතල තුවාල සිදු කළ බවට ද නීතිපති මෙම නඩුව පවරා තිබේ. කනකරත්නම් ආධිත්‍යන් සහ තවත් දෙදෙනෙකු මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා තිබේ.
මෙම නඩුවට අදාළව අත්අඩංගුවට ගත් කනකරත්නම් ආධිත්‍යන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කේ. වී. තවරාසා පෙනී සිටින අතර එම නඩු විභාගයේ දී දැක්වූ කරුණු සැලකිල්ලට ගත් මහාධිකරණ විනිසුරු නඩු විභාග සඳහා එක දිගටම දින ලබා දෙනා ලදී.