දළු නෙළීම සඳහා චීන කාන්තාවන් ගෙන්වීමේ සුදානමක්?

Hangzhou, China - April, 9th 2009: Chinese girls pick tea leaves on the hills near Hangzhou,Zhejiang,China.
රටේ ජනතාව කොවිඩ් වසංගතයෙන් පමණක් නොව සාගතයෙන් ජීවිතක්ෂයට පත්වීමේ අවදානමක් ද ඇති වී ඇති බව ජාතික සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා 24වන දින කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය.
මේ පිළිබඳ වැඩිදුර ප්‍රකාශ කළ ඔහු ,
රටේ වර්තමානයේ පවතින අර්බුදය හමුවේ රටේ ජනතාව ආර්ථිකමය වශයෙන් පීඩාවට පත්ව ඇත.
විශේෂයෙන් කඳුකර ජනතාවන්ව හිතාමතාම රජය සහ වතු සමාගම් විසින් කොන් කරමින් පවතී.
රු.1,000 ක වැටුප් වැඩිවීමෙන් පසු, වතු සමාගම් විසින් කම්කරුවන්ගේ වැඩ කරන දින ගණන අඩු කර වැඩ ප්‍රමාණය වැඩි කර ඇති හෙයින් අද ආර්ථිකමය වශයෙන් පීඩාවට පත් ජනතාව ලෙස වතු කම්කරුවන් පත් වී ඇත.
වර්තමානයේ රටේ අත්‍යාවශ්‍ය භාණ්ඩවල ඉහළ ගොස් ඇත. ඉන්ධන මිල වැඩි වී තිබේ. මේ නිසා වතුකරයේ දුෂ්කර ප්‍රදේශවල වෙසෙන ජනතාව දැඩි ආර්ථික අර්බුදයකට හසු වී තිබේ.
මෙම රජය වගකීම් සහිත රජයක් නම් මෙම ජනතාවට සහන සලසා තිබිය යුතුයි. මේ රට වර්තමානයේ කුමන දිශාවකගමන් කරන්නේ ද?
කඳුකර ප්‍රදේශවල දළු නෙලීමට පවා චීනයේ සිට කාන්තාවන් ගෙන ඒමට යන්නේදැයි සැකයක් මතු වී තිබේ.