කොරෝනා ඩෙල්ටා 70%කින් වැඩි වෙයි; නැවතත් දිවයිනටම සංචරන සීමා පැනවීමේ තත්වයක් – විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා
අද වන විට මෙරට කොරෝනා ඩෙල්ටා ප‍්‍රබේධය පැතිරීම 70% කින් පමණ වැඩි වී ඇති බව විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය සඳහන් කරයි.
එනිසා සංචාරණ සීමා ලිහිල් කර ඇතත් ජනතාව දැඩි වගකීමෙන් කටයුතු කළ යුතු බවද ඇය කියා සිටියාය. ජනතා වගකීමෙන් කටයුතු නොකළහොත් නැවතත් දිවයිනටම සංචරන සීමා පැනවීමේ තත්වයක් මතුවනු ඇතැයි ද ඇය පැවසුවාය.
මේ අතර ඉදිරි සති 8ක කාලය තුළ මෙරට ප්‍රධානතම වෛරස ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදය විය හැකි යැයි එම වෛද්‍යවරුන් දැනුම් දී ඇතැයි රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියා සිටියාය.
එනිසා ජනතාව නිසි ලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළි නොපදින්නේ නම් මෙය ඉතා බරපතළ තත්ත්වයක් වනු ඇතැයි ද ඇය තව දුරටත් පැවසුවාය.