එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය රනිල්ට: නම ගැසට් කරයි; 22වැනිදා පාර්ලිමේන්තුවට

භාරකාර ආණ්ඩුවේ ප්‍රධානියා වෙන්න මන් කැමතියි - රනිල් පැවසූ බව පුද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති කියයි
රනිල් වික්‍රමසිංහ මහතාගේ නම එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත්කර තිබේ.
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් පස් දෙනාගේ අත්සනින් යුතු ජුනි 18 දින 2232/34 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් මෙම ප්‍රකාශයට පත්කිරීම සිදුකර තිබේ.
අපගේ එක්සත් ජාතික පක්ෂයේ ආරංචි මාර්ග මෙන්ම පාර්ලිමේන්තු ආරංචි මාර්ගද පවසන්නේ පාර්ලිමේන්තු රැස්වීම් ආරම්භ වන ජුනි 22 දින රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රීධුරයේ දිව්රුම් දී පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නියමිත බවයි.