ශ්‍රී ලංකාව විදෙස් ණය ආපසු ගෙවීමේ බරපතළ අවදානමක් – අන්තර් ජාතික ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය

අයවැයට Fitch Ratings සහතිකයක්
ආර්ථික අස්ථාවරභාවය සහ මූල්‍ය අර්බුදය හේතුවෙන් මධ්‍යම කාලීන විදේශ ණය ආපසු ගෙවීමේ බරපතළ අවදානමක් ශ්‍රී ලංකාවට ඇති බව අන්තර් ජාතික ණය ශ්‍රේණිගත කිරීමේ ෆිච් රේටින්ස් ආයතනය සඳහන් කරයි.
මේ වන විට ඉහළ ගොස් ඇති ශ්‍රී ලංකාවේ විදෙස් ණය බර, තවදුරටත් ඉහළ යමින් තිබෙන විදෙස් ණය ප්‍රමාණය, රටේ අඩු විදේශ විනිමය සංචිත ප්‍රමාණය සහ විදේශ ණය මුදල් ආපසු ගෙවීමේ අවදානම යන කරුණු මත පදනම්ව ෆිච් රේටින්ස් ආයතනය ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම සීසීසී කාණ්ඩයේ පැවතීම තවදුරටත් තහවුරු කරයි.
ශ්‍රී ලංකාව මධ්‍ය කාලීන වශයෙන් ලබාගෙන ඇති ණය ප්‍රමාණය පියවීමේදී එය අභියෝගයක් ලෙස සැලකිය යුතු බවත් ස්වෛරී ණය ආපසු ගෙවීමේ ධාරිතාව බරපතළ අවදානමක ඇති බවත් ෆිච් රේටින්ස් ආයතනය සඳහන් කරයි. කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ කඩා වැටීම රජයේ ආදායම බිඳ වැටීමට ඍජුවම බලපා ඇති බවත් එහි සඳහන්ය.