එක්ස්ප්‍රස් පර්ල් නැව නිසා සිදු වූ පරිසර හානියේ බලපෑම තවත් වසර 20කට පවතිනු ඇත – පරිසර අමාත්‍ය

‘එක්ස්ප්‍රස් පර්ල්‘ සිදුවීමට අදාළ සියලු පරීක්ෂණ වාර්තා අධිකරණයට කැඳවයි
එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනි ගැනීම නිසා සිදු වූ පරිසර හානියේ බලපෑම තවත් වසර 20ක් පමණ පවතිනු ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
එම පරිසර හානිය කිසිසේත්ම ඩොලර්වලින් ගණනය කර හිළව් කළ නොහැකි බවද ඇමතිවරයා සඳහන් කළේය. නැව ගිලී යාම නිසා සාගරයට එක් වු ප්ලාස්ටික්වලින් වෙරළට ගොඩ ගැසු විශාල ප්‍රමාණයක් මේ වනවිට එක් රැස් කර බහාලුම් 40ක ගබඩා කර ඇතැයි කී ඇමතිවරයා තව කොපමණ ප්‍රමාණයක් සාගරය තුළ තිබේද යන්න හෝ මසුන් විසින් කා දමන්නට ඇත්ද යන්න සොයාගත නොහැකි බව කියයි
එම නෞකාවේ භාණ්ඩ වර්ග 193ක් අඩංගු බහාලුම් 1486ක් පමණ තිබී ඇතැයි කී ඇමතිවරයා රටේ ප්‍රධාන නිෂ්පාදන සමාගම් දෙකකට මාස දෙකක කාලයක් සඳහා අවශ්‍ය ප්ලාස්ටික් පැලට්ස් එහි තිබී ඇතැයි ද සඳහන් කරයි.