මලයාසියාව ආක්‍රමණය කිරීමේ චීන උත්සාහය අසාර්ථක වේ.

චීන ගුවන් හමුදාවේ ගුවන් යානා 16ක් මලයාසියාවේ ගුවන් කලාපය තුළ හමුදා අභ්‍යාස සිදු කිරීමට කළ උත්සාහය මලයාසියානු ගුවන් හමුදාව විසින් ව්‍යාර්ථ කොට ඇත. මලයාසියානු ගුවන් කලාපය ඇතුළත කිසිම දැනුම්දීමකින් තොරව එකවර කඩාපාත්වූ මිලිටරි ගුවන් යානා 16ක් මලයාසියාවේ කොටකිනබලු ගුවන් හමුදා කණ්ඩය විසින් ගර්ත කොට පලවා හැර ඇති බවට වාර්තා වේ. නමුත් තමන් අන්තර්ජාතික නීතීන් වලට අනුකූලව ගුවන් හමුදා ගමන්වල යෙදුණු බව චීනය ප්‍රකාශ කර ඇත. නමුත් ගුවන් කලාප ඔස්සේ ගමන් කළ හැක්කේ පෙර දැනුම් දීමකින් පමණක් බවත් නමුත් එම අන්තර්ජාතික නීතිය ද හමුදා මෙහෙයුම්වලට අදාල නොවන බවත් මලයාසියාව ප්‍රකාශ කරයි.
පසුගිය මාර්තු මාසේ චීන නාවික බෝට්ටු දෙසීයක් එකවර පිලිපීන මුහුදට ඇතුළු වූයේ ද මෙවැනිම කලබලයක් ඇති කරමිනි. චීන මුහුදේ මලයාසියාව, පිලිපීනය, බ්රූනායි , තායිවානය, වියට්නාම් ඇතුළු සියලු රටවල් වලට අයිති කොටස් තමන්ගේ යැයි කියමින් චීනය දිගින් දිගටම සිතියම් නිර්මාණය කරන අතර, චීනය අයිතිවාසිකම් ඉල්ලනකොටස nine dash line යන නමින් හැදින්වේ.