කොරෝනා නසන්න ප්‍රතිවයිරසයක් නිපදවීමට ඕස්ට්‍රේලියානු විද්‍යායන් සමත් වේ!

0
කොරෝනා නසන්න ප්‍රතිවයිරසයක් නිපදවීමට ඕස්ට්‍රේලියානු විද්‍යායන් සමත්වී සිටි

කොරෝනා නසන්න ප්‍රතිවයිරසයක් නිපදවීමට ඕස්ට්‍රේලියානු විද්‍යායන් සමත්වී සිටි

ලොවට වසංගතයක් වූ ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය නැසීමට ප්‍රතිවයිරසයක් පර්යේෂණාගාරයක් තුළ නිපදවීමට ඕස්ට්‍රේලියානු විද්‍යායන් සමත්වී සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් හි පිහිටි ග්‍රිෆිත් විශ්ව විද්‍යාලයට අනුයුක්ත මෙන්සියස් සෞඛ්‍ය විද්‍යාතනයේ විද්‍යාඥයින් පිරිසක් විසින් මෙම ප්‍රතිවයිරසය කෘත්‍රිමව නිපදවා ඇත්තේ ‘කොවිඩ් 19’ ජාන කේතය හඳුනා ගැනීමෙන් පසුව යැයිද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

දැනට පර්යේෂණ මට්ටමේ පවතින මෙම ප්‍රතිවයිරසය මගින් මිනිස් සිරුරේ පෙනහළුවල ඇති කොරෝනා වයිරසය සම්පුර්ණයෙන් විනාශ කිරීමේ හැකියාවක් ඇති බවද පැවැසෙයි.

මීයන් යොදා ගනිමින්, උන්ට ‘කොවිඩ් 19’ වයිරසය අාසාදනය වීමට සලස්වා පසුව කෘත්‍රිමව නිපදවූ ප්‍රතිවයිරසය උන්ගේ සිරුරුවලට ඇතුළු කර ඇත. එම අවස්ථාවේදී, මීයන්ගේ පෙනහළුවල ‘කොවිඩ් 19’ වයිරස විෂබීජ සියයට 99.9 ක් විනාශ කර දැමීමට නව ප්‍රති වයිරසය සමත්වී තිබේ.

ආර්.එන්.ඒ අණුවලින් සමන්විත මෙම ප්‍රතිවයිරසය සර්ථක වුවහොත්, ඉදිරියේ දී එය එන්නත් මගින් කොරෝනා ආසාදිත රෝගීන්ට ලබාදී, ඔවුන් සුවපත් කිරීමේ හැකියාව ලැබෙනු ඇති බවද පැවැසෙයි.

ඕස්ට්‍රේලියානු විද්‍යාඥයන් මෙම ප්‍රති වයිරසය නිපදවීම කර ඇත්තේ ‘ජීන් ස්ලයිසින්’ නමැති ජාන වෙනස් කිරීමේ තාක්ෂණය යොදා ගනිමිනි. මෙම ජාන වෙනස් කිරීමේ තාක්ෂණය ලොවට හඳුන්වාදීම කළේද ඕස්ට්‍රේලියානු විද්‍යාඥයන්ය. ඒ, 1990 දශකයේය.

(ඕස්ට්‍රේලියානු මාධ්‍ය ඇසුරිනි)

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com