CID නිසා පාස්කු ප්‍රහාරයේ කුමන්ත්රණකරුවන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමට හැකියාවක් දැන් නැහැ. – නීතිපති

සිය ධූර කාලය තුළ පාස්කු ප්‍රහාරයේ කුමන්ත්රණකරුවන්ට එරෙහිව චෝදනා සහ අධිචෝදනා ඉදිරිපත් කිරීමට තමාට හැකියාවක් නොමැති බව නීතිපතිවරයා මහජනතාවට දැනුම් දී තිබේ.
නීතීපති දප්පුල ද ලිවේරා මහතා පවසන්නේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අසම්පූර්ණ බැවින් පාස්කු ප්‍රහාරයේ කුමන්ත්රණකරුවන්ට එරෙහිව චෝදනා සහ අධිචෝදනා ඉදිරිපත් කිරීමට තමාට හැකියාවක් නොමැති බවය.
නීතිපති දප්පුලද ලිවේරා මහතා මේ මස අගදී විශ්‍රාම යාමට නියමිතයි.
ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් සංජය රාජරත්නම් මහතාගේ නම මේවනවිට පාර්ලිමේන්තු සභාවට යෝජනා කර තිබෙනවා.