ඉටුකම අරමුදලේ මුදල් එන්නත්කරණයට යොදවයි

0

කොවීඩ් -19 ඉටුකම සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය එන්නත් කරණය සඳහා යෙදවීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ඒ අනුව එම මුදලේ ශේෂය වන රුපියල් කෝටි එකසිය තිස් හයකට අධික මුදලක් මෙරටට එන්නත් ගෙන්වීම සඳහා වැය කිරීමට නියමිතය.

මෙම අරමුදල සඳහා කෝටි 175 කට අධික මුදලක් හිමිව ඇති අතර එහි සෙසු මුදල් පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීම, නිරෝධායන කටයුතු සිදු කිරීම, දැනුවත් කිරීමේ වැඩසටහන්, එන්නත් කරනය ආශ්‍රිත වියදම්, ගිලන් රථ සහ දැඩිසත්කාර ඇඳන් මිලදී ගැනීම සඳහා වැය වී ඇතැයි ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com