රෝයල්-තෝමියන් ක්‍රීඩකයන් කිහිප දෙනකුටම කොරෝනා, බිග් මැච් කල් යයි

රෝයල්-තෝමියන් බිග් මැච් මයකින් තොරව කල් යයි; ක්‍රීඩකයන් කිහිප දෙනකුටම කොරෝනා බව තහවුරු වේ
රාජකීය සහ ශාන්ත තෝමස් පාසල්වල ක්‍රිකට් කණ්ඩායමේ සිසුන් කිහිප දෙනෙකුම කොරෝනා ආසාදිත වීම හේතකොට ගෙන රෝයල්-තෝමියන් මහා ක්‍රිකට් ගැටුම දින නියමයකින් තොරව කල් දැමීීමට පියවර ගෙන ඇත.
මෙම මහා ක්‍රිකට් ගැටුම මැයි 6-7-8 යන තෙදින තුළ හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට සැලසුම් කර තිබිණ.
නමුත් කණ්ඩායම්වල ක්‍රීඩකයන්ට සිදුකරනු ලැබූ පීසීආර් පරීක්ෂණවලදී සිසුන් කිහිප දෙනකුම කොරෝනා ආසාදිත බවට තහවුරු වීම හේතුකොට ගෙන ක්‍රිකට් ගැටුම තාවකාලිකව අත්හිටුවීමට පාසල් ප්‍රධානීන් තීන්දු කර ඇත.