මිනිස් ජාවාරම මැඬ පැවැත්වීමට ඔස්ට්‍රේලියානු රජය මෙරට පොලිසියට ඩ්‍රෝන යානා 5ක්

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර කෙරෙන මිනිස් ජාවාරම මැඬ පැවැත්වීමට ඔස්ට්‍රේලියාවෙන් ඩ්‍රෝන යානා 5ක්
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර කෙරෙන මිනිස් ජාවාරම මැඬ පැවැත්වීමට ඔස්ට්‍රේලියානු රජය මෙරට පොලිසියට ඩ්‍රෝන යානා 5ක් පරිත්‍යාග කර තිබේ.
නීතිවිරෝධී ලෙස කෙරෙන මිනිස් ජාවාරම නවතාලීම සඳහා කෙරෙන එම ජාවාරම් ගුවන් දර්ශන මඟින් නිරීක්ෂණය කිරීමට එරට ස්වෛරී දේශ සීමා මෙහෙයුම් පිළිබඳ ඒකාබද්ධ නියෝජිතායතන කාර්යසාධක බළකාය මේ ඩ්‍රෝන යානා මෙරටට දීම කර තිබෙන බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
මේ ඩ්‍රෝන යානා පහ අන්තර්ජාලය ඔස්සේ ශ්‍රී ලංකා පොලිසිය වෙත බාර දීමටද කටයුතු කර තිබෙන බව මහ කොමසාරිස් කාර්යාලය කියා සිටියේය.
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර කෙරෙන මිනිස් ජාවාරම නිරීක්ෂණය කිරීමට ඔස්ට්‍රේලියාව විසින් ආවේක්ෂණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබෙන බවත් ඒ යටතේ රටවල් රැසකට මෙලෙස ඩ්‍රෝන යානා දී තිබෙන බවත් කියා සිටි මහ කොමසාරිස් කාර්යාලය ඒ අනුව ශ්‍රී ලංකාවටද ඩ්‍රෝන යානා පහක් දුන් බව කියා සිටියේය.