PHIලා අලුත් අවුරුද්ද වැඩවර්ජනයකින් අරබයි

දිනකට කොරෝනා රෝගීන් 2000ක් වාර්තා වනවා - මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය
අලුත් අවුරුදු නිවාඩුව නිමවීමත් සමග බස්නාහිර පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවීමට ලසුම් කර ඇති බව දැනගන්නට තිබේ.
දිවයිනේ වැඩිම කොරෝනා අවදානමක් ඇති පළාත වූ බස්නාහිර පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පසුගිය කාලය පුරාම දිවා රෑ නොබලා රාජකාරියෙහි නිරත වුවත් ඒ සදහා ලැබිය යුතු කිසිදු දීමනාවක් මෙතෙක් ඔවුන්ට හිමිව නොතිබීම මීට හේතුව වී තිබේ.
නමුත් අවදානම අඩු අනෙකුත් පළාත්වල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට විවිධ දීමනා ගෙවා ඇති බවද වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ලිපි කිහිපයක් බලධාරීන්ට යොමු කොට ඇති බවත්, 19 වැනි දිනට ප්‍රථම නිසි පිළිතුරක් නොලැබුණහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමු වන බවත් එම සංගමය අවධාරණය කොට ඇත.