සතොස සැපයුම්කරුවන්ට කෝටි 830ක් ණයයි

සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි
පසුගිය ආණ්ඩුව සමයේ ලැබූ අලාභය හේතුවෙන් ලංකා සතොස සමාගම සැපයුම්කරුවන්ට ගෙවීමට ඇති මුදල් ප්‍රමාණය මේ වසරේ පෙබරවාරි මස 25 වැනි දින වන විට රුපියල් කෝටි 830 දක්වා ඉහළ ගොස් තිබේ.
රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුව මිල අඩු කිරීම් සහ පාලන මිල පැනවීම්වලට අනුකූලවීමට සිදුවීම මෙන්ම සැපයුම්කරුවන්ට ගෙවීමට ඇති විශාල ණය බරද හේතුවෙන් 2017-2019 කාලය තුළ රුපියල් කෝටි 41.7ක බදු හිඟයක්ද පවතින බව රජයේ ආරංචි මාර්ගයක් හෙළි කළේය.
එසේම ලංකා සතොස සමාගම මාසිකව රුපියල් කෝටි 7.7ක මුදලක් ණය පියවීම සඳහා වැය කළ යුතු අතර ඉන් රුපියල් කෝටි 5ක් ණය වාරික ලෙසත් ඉතිරි රුපියල් කෝටි 2.7 පොලී මුදල් ලෙසත් ගෙවිය යුතු වේ.
2020 මාර්තු මස 18 වැනි දින සිට 2020 අප්‍රේල් මස 29 වැනි දින දක්වා සහන මිලට ටින් මාළු ලබාදීම නිසා සතොසට ලැබිය යුතු රුපියල් කෝටි 4.2ක මුදල මේ දක්වා ලැබී නොමැති අතර කොවිඩ් වසංගත කාලයේ සේවකයන් සේවයේ යෙදවීම වෙනුවෙන්ද රුපියල් කෝටි 24.7ක් වැය කර තිබේ.