කල් ඉකුත් වන රියැදුරු බලපත්‍ර හිමියන්ට ලැබෙන සහනය

රියැදුරු බලපත් සඳහා ඡායාරූප ගැනීම මාර්ගගත (online) ක්‍රමවේදයට
2021 වසරේ අප්‍රේල් 21 වන දා සිට සැප්තැම්බර් 31 වන දා දක්වා කාල සීමාව තුළ කල් ඉකුත්වීමට නියමිත සෑම රියැදුරු බලපත්‍රයක ම වලංගු කාල සීමාව කල් ඉකුත්වීමේ දිනයේ සිට තවත් මාස 6කින් දීර්ඝ කර තිබේ.
ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ අත්සනින් යුතුව ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
කෙසේ වෙතත් 2020 වසරේ ජුනි මස 17 වන දා වලංගු කාල සීමාව තාවකාලිකව ලිහිල් කළ රියැදුරු බලපත්‍ර සඳහා මෙය අදාළ නොවන බව එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.